“ජනාධිපති සමාව අපිටත් ඕනි” බන්ධනාගාර තුනක් ඇවිලෙයි

0
20

රෝයල් පාර්ක් අපරාධයට අදාළ ව මරණ දඬුවම නියමව සිටි විත්තිකරුට ලබා දුන් ජනාධිපති සමාව තමන්ටද ලබා දිය යුතු බව පවසමින් වැලිකඩ, අඟුණකොළපැලැස්ස සහ බූස්ස බන්ධනාගාර වල රැඳවියන් දැඩි නොසන්සුන්කාරී ලෙස හැසිරීම නිසා බරපතළ තත්ත්වයක් හටගෙන තිබුණා.

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් දෙදෙනෙකු විසින් ඊයේ (11) බන්ධනාගාරයේ වහලයක් මතට නැගී මීට අදාළ උපවාසයක් ආරම්භ කර තිබිණි. ඊට සහාය පළ කරමින් අනෙකුත් බන්ධනාගාර වල ද සිරකරුවෝද පස්වරුව වන විට විරෝධතා දැක්වීමට පටන් ගෙන තිබුණු බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළා.

වැලිකඩ එල් ශාලාවේ සිරකරුවන් ද මීට සහය පළ කරමින් ආහාර වර්ජනයක් ආරම්භ කර තිබුණා. එසේම චැපල් ශාලාවේ ඒ 3, බී 3, සී 3 ශාලා වල රඳවා සිටින මරණ දඬුවම නියම වූ සිරකරුවන් ද වහලය මත නැගී සිටින සිරකරුවන්ට සහය දක්වන්නට පටන් ගෙන තිබුණි. ඔවුන්ගෙන් කිහිපදෙනෙකු ද දිවා හා රාත්‍රී ආහාර වර්ජනයක යෙදී සිටී.


දිමුතු හෙට්ටිආරච්චි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here