ගෝඨාව විවේචනය කල ලේඛකයෙකුට මැර ප්‍රහාරයක්

0
29

ලේඛක ලසන්ත විජයරත්නගේ ගාල්ල හබරාදූව, මීපේ හී පිහිටි නිවසට අද අලුයම නාදුනන කල්ලියක් විසින් එල්ල කල ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා තිබෙන අතර, පසුව රෝහල් ගතකර තිබෙනවා.

අද අලුයම මුහුණු ආවරණ පැළඳ පැමිණි හතර දෙනෙකුගෙන් සමන්විත නන්නාදුන කල්ලියක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබේ. තුවක්කු වලින් සන්නද්ධව පැමිණි කණ්ඩායම විසින් ලසන්ත විජයරත්නට පහර දී තියුණු ආයුධයකින් අතකට පහරදී ඇත.

“නාස්තිකාර සංවර්ධනය හා දූෂණය” නමැති ග්‍රන්ථය රචනා කරමින් ලසන්ත විජයරත්න විසින් ගෝඨාභය රාජපක්ෂගේ දූෂණ සහ වංචා පිළිබඳව කරුණු රැසක් හෙළිදරව් කිරීමට කටයුතු කල අතර, පසුව සති දෙකක් ඇතුලත මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

ප්‍රහාරය සඳහා පැමිණි කල්ලිය විසින් ලසන්ත විජයරත්නට සහ ඒ මහතාගේ බිරිඳට තර්ජන එල්ල කර ඇති අතර ගෝඨාභය රාජපක්ෂගේ වංචා දූෂණ පිළිබඳව හෙළිදරව් කලහොත් පොදුජන පෙරමුණ ජයග්‍රහණය කලද, නොකලද අනිවාර්යෙන්ම ඔවුන්ව නැති කරන බවට තර්ජනය කර තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් හබරාදූව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here