“නාග ලෝකෙන් ආවා කියූ ධාතු මංජුසාව” ගෙනත් තියෙන්නෙත් ගඩාලාදෙනියෙන්

0
31

කැලණිය පුදබිමට වැඩියාය කියන සර්වඥ ධාතු ඇතැයි කියන මංජුසාව සාදවාගෙන ගෙන ඇත්තේ ගඩලාදෙණිය ප්‍රදේශයෙනි. මිට මාස කිහිපයකට පෙර එම මංජුසාව රැගෙනවිත් ඇතත්, නියම අවස්ථාව එනතෙක් එය රහසක්ව තබා ගන්නයි උපදෙස් දී ඇත්තේ විහාරස්ථානයේ ප්‍රසිද්ධ හිමිනමකි.

මෙකී මංජුසාව ඇතුළු සමස්ත කතාවම ඉතා සංවිධානාත්මකව සිදුකරනු ලැබූ ප්‍රචාරණ වැඩසටහනක පිටපතක් අනුව සිදුවුණු දෙයක් බවට දැන් තොරතුරු අනාවරණය වී ඇත.

මෙය සම්පුර්ණයෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරයේ සැලසුමකි. 13 වෙනිදා රාත්‍රියේ සිට මැතිවරණ ප්‍රචාරණ කටයුතු කිරීම නීතියෙන් තහනම් නිසා, නීතිමය හිඩැස් අතරින් රිංගා යමින් තම ප්‍රචාරණය ආගමික මුවාවෙන් කරගෙන යාමට සැලසුම් කල මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයකි.

මෙම සිදුවීමෙහි කිසිඳු ධාර්මික හෝ දාර්ශනික වටිනාකමක් නැති අතර හුදෙක් විකාර ආගමික නාඩගමකි. ආගම තමන්ගේ වාසිය සහ දේශපාලනික අරමුණු වෙනුවෙන් යොදා ගන්නා පාලකයන් සහ, පාලකයන්ගේ වහලුන්වන පූජ්‍ය පක්ෂය විසින් සිදුකල වංචාවකි.

රට ජාතිය ආගම වෙනුවෙන් පෙනී සිටිනවා ඒවා ආරක්ෂා කරනවා යයි කියනා ජනාධිපතිවරණ අපේක්ෂකවරු රට ජාතිය සහ ආගමට කරන විනාශය මෙවැනි සිදුවීම් මඟින් මනාවට පැහැදිලි වෙයි….

අවදියෙන් සිටින්න…. මේ පොළොවෙහි තමන්ගේ වාසිය වෙනුවෙන් ජීවත්ව සිටියා නම් බුදුන්, ජේසුස් පවා විකිණිය හැකි අමුතුම පොළොවකි….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here