මැ.කො. ඉල්ලා අස්වෙන්න සූදානම්

0
22

මෙවර ජනාධිපතිවරණයට අදාළ තම නිල කටයුතු අවසන් වීමෙන් අනතුරුව සිය තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

මෙම ජනාධිපතිවරණ සමයේ දී ඇතැම් විට “තදින් කතාකිරීමට” සිදුවීම හේතුවෙන් කිසිවෙකුගේ හිත රිදීමක් සිදුවුයේ නම් සමාව ඉල්ලා සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය.

නමුත්, මාධ්‍ය උපමානවලට අනුකූලව “අපේ මිත්‍ර පෞද්ගලික මාධ්‍ය දෙකත්, රාජ්‍ය මාධ්‍යයත්” හැසිරුණේ නම් මෙම ජනාධිපතිවරණය “මීට වඩා හොඳට කරන්නට” තිබුණු බව මහින්ද දේශප්‍රිය අවධාරණය කළේය.

ඔහු මෙම ප්‍රකාශය කළේ අද පැවති මාධ්‍ය හමුවකදී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here