පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා පවුල පිටින් රටින් පිටවෙයි – මරණ බිය නිසාදැයි සැකයක්

0
18

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ෂණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ඔහුගේ දරු පවුලද සමඟ අද දහවල් ස්විස්ටර්ලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ ස්වීස් ගුවන් සේවයට අයත් WK 0065 දරණ යානයකින්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ෂණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා සිදුකළ විමර්ශන අතර, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම ඇතුළු තවත් පරීක්ෂණ විය.

2018 වසරේදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් එවකට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් කර ව්‍යවස්ථා විරෝධි ආකාරයට ඒ සඳහා මහින්ද රාජපක්ෂ පත් කළ විගස, පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වාට මීගමුව කොට්ඨාසයට හදිසි ස්ථාන මාරුවක් ලබාදීමට ද කටයුතු කර ඇත.

ඡායාරූපය – 2018 දී ඔහුට ලද ස්ථාන මාරුවට අදාල ලිපිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here