කසිප්පු ජාවාරම් කරුවන්ට සහය දුන් පොලිසිය, ඔත්තුව දුන් තරුණයාට පහර දෙයි

0
28

රත්නපුර උසාවියේ නිකුත් කරන ලද වරෙන්තුවක් අවලංගු කළ ලිපිය නිවිතිගල පොලීසියට භාර දීමට ගොස් සිටියදී ඉකුත්(07) දින එහි සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු විසින් එම තරුණයකුට පරුෂ වචනයෙන් බැන වැදී පහර දී තිබෙනවා.

පහර කෑමට ලක් වූ තරුණයා නිවිතිගල උඩ දෙල්වල ප්‍රදේශයේ පදිංචි සුපුන් මිහිරංග වන අතර මෙම තරුණයා පහර කෑමෙන් පසු රත්නපුර රෝහලෙන් නේවාසික ප්‍රතිකාර ලබා(08) දින නිවසට පැමිණි බව සඳහන්.

මෙම තරුණයා විසින් නිවිතිගල උඩ දෙල්වල ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් මීට වසර 2කට පමණ පෙර දී මෙම ජාවාරම් පිළිබඳව පොලීසියට තොරතුරක් ලබා දී තිබේ.

ඉන් පසුව ඔත්තුව දුන් මෙම තරුණයා පිළිබඳව සියලු තොරතුරු පොලීසිය විසින් ජාවාරම්කරුට ලබා දී තිබේ.

ඉන් අනතුරුව මෙම ජාවාරම් කරු විසින් මග රැක සිට මෙම තරුණයාට බැන වැදී පහර දී තිබෙන අතර මේ පිළිබඳව තරුණයා විසින් නිවිතිගල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පසුව ජාවාරම්කරුට සහ පහර කෑ තරුණයාට නිවිතිගල පොලීසිය මගින් රත්නපුර අධිකරණයේ නඩු පවරා තිබේ.

මෙම නඩුව අවසන් වී වසරකට පමණ පසුව එම චෝදනාවටම වෙනත් අංකයකින් නඩුවක් පවරා මෙම තරුණයාට නිවිතිගල පොලිසිය මගින් වරෙන්තුවක් ලබා ගෙන ඇත.

එම වරෙන්තුව අවසන් කරපු නඩුවක් සම්බන්ධයෙන් වන හෙයින් එම වරෙන්තුව අවලංගු කිරීමට රත්නපුර අධිකරණය කටයුතු කර තිබෙන අතර එම අවලංගු කරන ලද වරෙන්තු ලිපිය නිවිතිගල පොලීසියට භාර දීමට ගොස් සිටියදී මෙම පහර කෑමට ලක්වූ බවයි මෙම තරුණයා සඳහන් කලේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here