නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම බොරුවක්

0
27

නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල තවමත් රජයට පවරාගෙන නොමැති බවත් පසුගිය මාස 30ක කාලය තුළ එම පෞද්ගලික රෝහලේ නඩත්තු සඳහා රජයේ මුදලින් රුපියල් බිලියන 7ක් වැය කර ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

එම රෝහල රජයට පවරාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කෙරුණු ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභා වාර්තාව වහා ප්‍රසිද්ධියට පත් කරන ලෙසද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ පවසන්නේ නෙවිල් ප්‍රනාන්දු රෝහල පාඩු පිට පවත්වාගෙන ගියේ සයිටම් වෛද්‍ය පීඨයෙන් ලැබුණු මුදල්වලින් බවයි. එසේම කිසිවෙකු මේ රෝහල රජයට පවරා ගන්නා ලෙස නොඉල්ලූ අවස්ථාවක එය රජයට පවරා ගත් බවට හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න උත්සවයක් පැවැත්වූ බවද ඔහු පවසා තිබේ.

මේ පිළිබඳ පත්කළ ජනාධිපති ජනාධිපති කොමිෂන් සභාවේදී නෙවිල් ප්‍රනාන්දු රෝහල පෞද්ගලික පාර්ශ්වයකට අයිතිබවට සාක්ෂි විභාගයේදී ඔප්පු වුණ බවත් එම වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටියි.

එම සංගමයේ හරිත අලුත්ගේ වැඩිදුරටත් පවසන්නේ,

කැබිනට් පත්‍රිකාවට අනුව 2017 අගොස්තු පළමුවනදා සිට මාස 30ට වියදම්කළ මුදල බිලියන 7.55ක්. රෝහලේ මුළු ඇස්තමේන්තුව රුපියල්  බිලියන 3.55ක වටිනාකමට වැඩි ගණනක් නඩත්තුවට වියදම් කර තිබෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here