කොරෝනා නිසා IDH රෝහල හිස් වෙයි

0
28

මාරාන්තික ‌කොරෝනා වයිරසය වැලදුණු චීන කාන්තාවක් ‌අයි.ඩී.එච්. ‌‌රෝහලට ඇතුළත් කිරීමත් සමග එහි ‌නේවාසිකව රැදී සිටි ‌සාමාන්‍ය ‌රෝගීන් ස්ව කැමැත්තෙන් පිටව ගොස් ඇති බව වාර්තා ‌වේ.

එමෙන්ම බාහිර ‌රෝගී අංශය ‌වෙත දිනපතා පැමිණෙන ‌රෝගීන්ගේ විශාල අඩුවක් දැකගන්නට ඇති බවත් ‌රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව, ‌මේ වනවිට ‌රෝහලේ ‌බොහෝ වාට්ටු හිස්ව පවතින බව වාර්තාවන අතර විශේෂ ‌සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් ‌රෝහල පුරා දියත් කිරීමට බලධාරීන් පියවර ‌ගෙන ඇත.

මේ අතර ‌කොරෝනා වයිරසය වැළදී ඇතිි කාන්තාවගේ රුධිර සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා විදේශ රටක රසායනාගාරයක් ‌වෙත ‌යොමු කර ඇති බවත් වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here