බේරුවලත් මද්‍රසා සරසවියක් ඇති බව ජනාධිපති කොමිසමේදී හෙළිවෙයි

0
81

අරාබි භාෂාව උගන්වනු ලබන මද්‍රසා විශ්වවිද්‍යාලයක් බේරුවල ප්‍රදේශයේ කලක් තිස්සේ පවත්වාගෙන යන බවට පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පළමු වරට හෙළිදරව් වුණා.

පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ මොහොමඩ් සාලි මොහොමඩ් තාසිම් මවුලවි ඊයේ (28 වැනිදා) සාක්ෂි දෙනු ලැබූ අතර මෙහිදී නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ. හිස්බුල්ලාට අයත් බැටිකලෝ විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් කොමිසම කළ විමසීමකදී තාසිම් මවුලවි ප්‍රකාශ කළේ බේරුවල ප්‍රදේශයේ අරාබි උගන්වනු ලබන විශ්වවිද්‍යාලයක් ඇති බවයි.

එය ජාමිය හලීමියා වශයෙන් හඳුන්වන බවත්, හලීම් හජජියාර් නමැති ව්‍යාපාරිකයා සහ ඔහුගේ දූදරුවන් විසින් මෙය පවත්වාගෙන යන බවත් ඔහු කොමිසම හමුවේ පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here