අමෙරිකානු තානාපතිනිය යුද්ධ හමුදාධිපති හමු වේ..

ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිනී ඇලේනා බී. ටෙප්ලිස්ට්ස්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක හමු වේ. නිල හමුව 28 වැනි දා කොළඹ යුද හමුදා මූලස්ථානයේ දී පැවැත්විණ. එහි පැමිණි නව තානාපතිවරිය පිළිගන්නා ලද්දේ මේජර් ජනරාල් අජිත් විජේසිංහ විසිනි. යුද හමුදාවේ එකඟතා යාන්ත්‍රණය, මානුෂීය සිවිල් – යුද ව්‍යාපෘති, ජාතිය ගොඩනැගීම, ඉඩම් බෙදාදීම සහ රටේ සංවර්ධනය සඳහා වන […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සාමාන්‍යපෙල ප්‍රතිඵල අත්හිටුවේ..

අපොස සාමාන්‍යපෙල විභාගයේ නිකුත් කිරීමට නියමිත ප්‍රතිඵල අත්හිටුවේ. ප්‍රධාන කරුණු 05 ක් මත අදාල තීරණයට එළඹි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රධාන සිද්ධි 1315 ක්, අයදුම්කරුවන් සම්බන්ධ සිද්ධි 1265 ක්, කාර්යය මණ්ඩල සම්බන්ධ සිද්ධි 50 ක්, මූලික විමර්ශනවලින් අනතුරුව නිදහස් වූ සිද්ධි 50 ක් සහ ඉදිරි විමර්ශන හේතුවෙන් ප්‍රතිඵල අත්හිටුවන ලද අවස්ථා 527 ක් ඒ අතර […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නාවුුක පිරිසක් කැන්බරා නෞකාවට

ශ්‍රී ලංකා නාවක හමුදා සාමාජිකයින් පිරිසක් ඔස්ට්‍රේලියානු නාවුක හමුදා ‘කැන්බරා’ නෞකාවේ සංචාරයක නිරත වෙති. ‘ඉන්දු – පැසිෆික් සහයෝගීතා 2019’ වැඩසටහන සඳහා සහභාගිවිමට ඉකුත් මාර්තු 23 වැනි දා ශ්‍රී ලංකාවට සේන්දු වූ ඔස්ට්‍රේලියානු රාජකීය නාවුක හමුදාවට අයත් ‘කැන්බරා’ නෞකාවේ අදාල නිරික්‍ෂණ චාරිකාව මාර්තු 26 වැනි දා කොළඹ වරාය පරිශ්‍රයේ දී ය. නෞකා‍වේ ඇති යුද උපකරණ සහ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සාමසාධක මෙහෙයුම් හා ශ්‍රී ලංකා යුද හමුදාව

යුද්ධ හමුදා භටපිරිස් එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් රාජකාරියේ නියුක්තවීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව මගින් මානව හිමිකම් නිෂ්කාෂණ ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය නිකුත් කළ මාධ්‍ය නිවේදනය – ලොවපුරා සාමය හා ආරක්‍ෂාව තහවුරු කිරිම පදනම් කරගෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් ක්‍රියාවලියේ දි එක්සත් ජාතීන්ගේ සංවිධානයට […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොරියානු විභාගයට අයදුම්පත් කැඳවේ.

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට අයදුම්පත් කැඳවේ. ඇගයුම් මත ලකුණු ලබාදීමේ ක්‍රමවේදය යටතේ පැවැත්වෙන අදාල පරීක්ෂණය සඳහා අයදුම්පත් නිකුත් කිරීම ඉකුත් මාර්තු 26 වැනි දා ආරම්භ වූ අතර 29 වැනි දා දක්වා සිය මධ්‍යස්ථාන 18 ක දී සිදුකෙරෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. අයදුම්පත් නිකුත් කිරීමේ පළමු දිනය වූ 26 වැනි දා අයදුම්පත් 4998 ක් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මීගහතැන්න පොලීසිය නව නිවසකට

මීගහතැන්න පොලිස් ස්ථානයට නව ගොඩනැගිල්ලක් හිමි වේ. එය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් 27 වැනි දා පස්වරුවේ සිදු කෙරිණ. සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැඟිල්ල විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවක නිරත වූ අතර, පොලිස්පති පූජිත ජයසුන්දර විසින් ඔහු වෙත සිහිවටන තිළිණයක් පිළිගන්වන ලදී. මහජන නියෝජිතයන්, පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

තවත් විශාල බීඩි කොල තොගයක්

උතුරු මැද නාවක විධානයට අනුයුක්ත නාවුකයන් පිරිසක් තවත් විශාල බීඩි කොල තොගයක් අත්අඩංගුවට ගනිති. ඔවුන් මාර්තු 22 වැනි දා පෙරවරුවේ තලෙයිමන්නාරම් මුහුදු ප්‍රදේශය ආශ්‍රිත සිදු කළ සෝදිසි කිරීමක දී බීඩී කොළ සහිත ගෝනි 41 ක් සමඟ සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගත් හ. ඒ අනුව සිදු කළ සෝදිසි කිරීම්වල දි බීඩී කොළ කිලෝග්‍රෑම් 1547.68 ක ප්‍රමාණයක් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අධ්‍යාපන සුපරීක්ෂණ සේවාවට කැබිනට් අනුමැතිය

සාමාන්‍ය අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක තහවුරුව (Quality assurance) සහ පිළිගැනීමේ (accredited) ක්‍රියාවලිය සුරක්ෂිත කිරිම සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන සුරක්ෂණ සේවාව නමින් ස්වාධීන ආයතනයක් පිහිටුවිමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වේ. ශ්‍රී ලංකා අධ්‍යාපන සුරක්ෂණ සේවාවෙහි මූලික පරමාර්ථය, සාමාන්‍ය අධ්‍යාපන පද්ධතියේ තිරසර සංවර්ධනයක් ඇති කිරීම හා පාසල් ක්ෂේත්‍රයේ අධ්‍යාපන ඇගයීම් සංචිතයක් ප්‍රවර්ධනයයි. දැනට අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රියාත්මක පාසල් අධීක්ෂණය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නව පනත් රැසක්

වසර 2019 ගත වූ මාස 03 තුළ නව පනත් 02 ක් සම්මත කළ හැකි වූ බව අධිකරණ හා බන්ධානාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය කියයි. ඉකුත් 2018 වසරේ සම්මත කළ නව පනත් ගණන 05 ක් වේ. ඊට අමතර නව පනත් කෙටුම්පත් 19 ක් අවශ්‍යතා සපුරා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට යෝජනා කර ඇති බව ද අමාත්‍යාංශය නිවේදනය කරයි. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පාකිස්ථාන වෛද්‍ය බලකාය ලංකාවේ

පාකිස්ථාන යුද්ධ හමුදා වෛද්‍ය බලකා සාමාජික පිරිසක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක හමු වෙති. තිදෙනෙකුගෙන් සමන්විත එම පිරිස 22 වැනි දා පස්වරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේ දී ඔහු මුණ ගැසුණා හ. මේජර් ජනරාල් සයිඩ් අම්මර් රාසා, පාකිස්ථාන යුද්ධ හමුදාවේ නියෝජ්‍ය ශල්‍ය වෛද්‍ය ජනරාල් මේජර් ජනරාල් ෂෙහ්ලා බකායි සහ බ්‍රිගේඩියර් ෂාසියා සර්වාර් එම පිරිස වෙති.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න