නව පොලිස්පති වැඩ අරඹයි.

0
164

ශ්‍රී ලංකාවේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්න⁣කෝන් වැඩ අරඹයි.

පෙබරවාරි 29 වැනි දා පෙරවරුවේ කොළඹ, පොලිස් මූලස්ථානයේ දී සර්වආගමික ආශිර්වාද මධ්‍යයේ හෙතෙම සුබ මොහොතින් සිය නව ධුරයේ රාජකාරි ආරම්භ කළේ ය.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත විසින් පොලිස් සම්මාන මුරයක් පවත්වා අභිනව පොලිස්පතිවරයා පිළිගන්නා ලදී.

එම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) නිලන්ත ජයවර්ධන සහ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීහු සහභාගි වූ හ.

⁣කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන නව පොලිස්පතිවරයා පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ නිලතල රැසක් හොබවා තිබේ.

#පොලීසිය #පොලිස්පති #දේශබන්දු

  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here