රුසියානු නෞකාවක් දිවයිනට

0
83
රුසියානු නාවුක හමුදාවට අයත් ‘Russian Guards Missile Cruiser Varyag’ නෞකාව නිල සංචාරයක් සඳහා 2024 මාර්තු 01 වැනි දා පෙරවරුවේ කොළඹ වරායට ළඟා වූවා ය.
දිගින් මීටර් 187 වන නෞකාව 529 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයකින් සමන්විත ය.
එහි ධජ නිලධාරිවරයා ලෙස Captain කපිතාන් පළමු නිල වෙලිච්කො ඇනටොලි වසිසීවික් සහ අණදෙන නිලධාරීවරයා ලෙස කපිතාන් දෙවැනි නිල ග්ලුෂකොව් රෝමන් නිකොලයිවික්  කටයුතු කරති..
නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ නෞකාවේ ධජ නිලධාරි සහ අණදෙන නිලධාරී දෙපළ බටහිර නාවුක විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා සමග නිල හමුවක් පවත්වති.
ඒ අතර දෙරටේ නාවුක හමුදා අතර සුහදත්වය වර්ධනය උදෙසා සංවිධාන කරන වැඩසටහන් සඳහා සහභාගි වෙමින් දිවයිනේ වැදගත් ස්ථාන සහිත ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට ද නැවු මුළුව එක් වනු ඇත.
නෞකාව නිල සංචාරය නිමවා 2024 මාර්තු 03 වැනි දා  දිවයිනෙන් පිටත් ව යාමට නියමිතයි.
 

 

 

 

 

 

#නාවුක #නාවුකහමුදාව #නෞකා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here