ජනයුගයට නාමික බෞද්ධ පාතාලයන්ගෙන් මරණ තර්ජන

0
27

ජීවිතේට බණ නාහන පිරිමිත්, සද්ධාසීලට සාදු සාදුලු…. ලෙස පළවුණු ලිපිය පදනම් කොටගෙන ජනයුගය කතෘ මණ්ඩලයේ කිහිප දෙනෙකුට නිර්නාමික දුරකථන ඇමතුම් කිහිපයකින් මරණ තර්ජන එල්ල වී ඇත. තවත් කිහිපයක් තර්ජන නොවන එහෙත් බලපෑම් කිරීම් කිහිපයක් ය….

එම දුරකථන ඇමතුම් කිහිපයෙන් කියන්නේ එම බණ විවේචනය නොකළ යුතුය කියාය. ඔවුන් කියනා ආකාරයට ඒ බණ බුදුන් වදාළ බණ ය.

නමුත් අපට කීමට ඇත්තේ බුදුන් වදාලා හෝ නොවදාලා, අප විවේචනය කලේ සද්ධාසීල නම් භික්ෂුවගේ කටින් පිට වුනු වචනය. ඒවා බුදුන් වදාළ ඒවා වූවත්, බුදුන් කීවේ කියන දේ කියූ පමණින් පිළිනොගන්නා ලෙසයි. එම නිසා එම භික්ෂුව පවසන කරුණු වර්තමාන සමාජයේ චින්තනයන්ට නරක ලෙස බලපෑම් කරන නිසා විවේචනය කිරීමට අපට හැකියාවක් ඇත. පිළිගැනීම හෝ නොපිළිගැනීම අපගේ අයිතියකි. අපගේ වැඩකි.

එමෙන්ම මිනිසුන්ට හිමිවිය යුතු මානුෂීය ගෞරවය ලබා නොදෙන කිසිවෙකුට, මොන මට්ටමක, මොන තනතුරක සිටියත් අපගෙන්ද ගෞරවය හිමිවන්නේ නැත.

බුදුන්ගේ දර්ශනය අවිහිංසාවාදී ය…. එහි මරණ තර්ජන නැත….

එම නිසා ඒ මරණ තර්ජනවලට අප භය වන්නේ නැතිබව සැලකිය යුතුව මනාය.


තර්ජනයට මුල් වුනු ලිපිය පහතින්

https://janayugaya.lk/2020/02/17/a-sermon-by-a-stupid-monk/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here