ඇමතිවරයෙකුගේ නියෝගයකින් මහවැලි ගඟේ වැලි ගොඩ දැමීමට අවසර

0
30

මහවැලි ගඟේ අවසන් කිලෝමීටර් 26ක ප්‍රදේශයේ වැලි කැපීම සඳහා බලපත්‍ර ලබාගැනීමට අයැදුම්පත් 4000ක් ලැබී ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

කන්තලේ පිහිටි වන සංරක්ෂණ කාර්යාලයට මෙලෙස අයැදුම්පත් ලැබී ඇත්තේ වැලි ගොඩ දැමීම සම්බන්ධයෙන් විරෝධතාවක් නොමැති බවට ලිපි ලබාගැනීමේ අරමුණ ඇතිවයි.

සංරක්ෂණ දෙපාර්තමේන්තුව විරෝධතාවක් නොමැති ලිපි යොමු කිරීමෙන් පසු භූවිද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශය කැණීම් බලපත්‍රයක් නිකුත් කරයි.

නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් විරෝධතා නොමැති ලිපියක් නිකුත් නොකිරීම විශේෂත්වයකි. ඇතැම් අයැදුම්පත් 2018 වර්ෂයේ සිට ලබාදී ඇති අතර වත්මන් රජයේ ප්‍රබල ඇමැතිවරයකුගේ මැදිහත්වීම මත ඇතැම් අයැදුම්කරුවන්ට භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශය කැණීම් බලපත්‍ර නිකුත් කර ඇත.

ඇතැම් අයැදුම්කරුවන් භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශයට පසුගිය 02 වැනිදා පැමිණ කැණීම් බලපත්‍ර ලබාගැනීම සඳහා මුදල් බැඳ තිබේ. කෙසේ වෙතත් වැලි කැණීම් බලපත්‍ර වසරින් වසර යාවත්කාලීන කළ යුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here