අපයෝජිත දැරිය ගැන මාධ්‍යවේදියෙකු ජනාධිපතිට ලියයි

0
25

දැරියක් ලිංගික අපයෝජනය කිරීමේ වීඩියෝ clip එක සම්බන්ධයෙන් පර්යේෂණ මන්දගාමී වීම හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත මාධ්‍යවේදියෙකු ලිපියක් යොමු කර ඇත.

මාධ්‍යවේදී ගයාන් ගාල්ලගේ විසින් එම පැමිණිල්ල ඊයේ දිනයේ යොමුකර ඇති අතර ඔහු එහි සඳහන් කර ඇත්තේ මේ පරික්ෂණ මන්දගාමී වීම සම්බන්ධයෙන් සොයා බලා ඊට මැදිහත් වන ලෙසය. මීට පෙර එම මාධ්‍යවේදියා මෙම වීඩියෝ පටය සම්බන්ධයෙන් යුනිසෙෆ් ආයතනයටද පැමිණිල්ලක් යොමුකර තිබුණි.

කෙසේ වෙතත් මේ වනවිට විශාල පිරිසක් එම පරීක්ෂණ කඩිනම් කරන ලෙසට බලපෑම් කිරීම හේතුවෙන් රහස් පොලිසියත් ළමා ආරක්ෂක අධිකාරියත් සැකසකරුගේ හඬ පරීක්ෂා කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව එම වීඩියෝ පටයේ සැකකරුගේ හඬ රජයේ රස පරීක්ෂකවරයා වෙත අද දිනයේ යොමු කර ඇති අතර මේ සම්බන්ධයෙන් සැකකෙරෙන පුද්ගලයන්ගේ හඬ සමඟ සංසන්දනය කිරීමටද තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here