කොරෝනා නිරෝධායනයෙදී රුපියල් 7500ක් විදෙස් ශ්‍රමිකයන්ගෙන් කෑම බීම සඳහා ඉල්ලයි

0
23

නිරෝධායනය සඳහා මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලයට ඇතුලත් කරන විදෙස් ගතව සිට නැවත පැමිණෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් දින 14ක කාලයක් රඳවා තබා ගැනීමේදී ඔවුන්ගේ ආහාර සඳහා රුපියල් 7500.00ක මුදලක් අය කිරීමට තීරණය කර තිබෙනවා.

විදෙස් රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් ලොව පුරා පැතිර යන කොරෝනා වසංගතය හේතුවෙන් මඩකලපුව ප්‍රදේශයේ විශ්ව විද්‍යාලයේ නිරෝධායනය සඳහා දින 14ක කාලයක් රඳවා තැබීමට රජය විසින් පසුගියදා තීරණය කරනු ලැබුවා.

මේ වන විට එයට අදාළ සෞඛ්‍ය නිර්දේශ ඇතුලත් කරුණු ඇතුලත් දැනුවත් කිරීමේ පත්‍රිකාවක් රජය මඟින් නිකුත් කර තිබෙනවා.

එහිදී ඔවුන් හැසිරිය යුතු ආකාරය සහ ඔවුන්ට ලබාගත හැකි පහසුකම් පිළිබඳව දැනුවත් කර ඇති අතර ලංකාවට මේ වනවිට වැඩිම විදෙස් විනිමයක් ලබාදෙන විදෙස් ශ්‍රමිකයින්ගෙන් ආහාර ලබා දීම සඳහා රුපියල් 7500.00ක මුදලක් අයකිරීමට තීරණය කිරීම බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්ව තිබෙනවා.

රජය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය නිර්දේශ ඇතුලත් පත්‍රිකාව පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here