කාටත් හොරෙන් අධිවේගී ගාස්තු තුන් ගුණයකින් වැඩි කරලා….

0
19

පෑලියගොඩ සිට කෙරවළපිටිය අධිවේගී මාර්ගයේ මීට පෙර අය කළ මුදල මීට දින කිහිපයකට ඉහත දී රුපියල් 100කින් වැඩිකර තිබෙනවා.

මීට පෙර එම දුර සඳහා අය කළ මුදල වූයේ රුපියල් 50කි.

ඒ අනුව නව අය කිරීම රුපියල් 150 කි.

පෑලියගොඩ, වත්තල සහ හැඳල හංදියේ ඇති රථ වාහන තදබදය මඟ හැර යාමට බොහෝ රියැදුරෝ එම අධිවේගී මාර්ගය භාවිත කිරීම සාමාන්‍ය තත්වයක්.

විශේෂයෙන්ම මහබාගේ, වැලිසර, රාගම සහ කඳාන නගරවලට අඩු කාලයකින් ළඟා වීමට මෙම අධිවේග මාර්ග කොටස භාවිත කිරීමට ජනතාව පෙළඹී සිටියා.

මෙම ගාස්තුව වැඩිකිරීමට හේතුව අපුරුය. “සමහර අය අධිවේගී මාර්ගයේ මෙතැනට ඇවිල්ලා ඊට පස්සේ කොළඹ – මීගමුව පාරෙන් කටුනායක යනවා”. ඒ ගාස්තු අය කරන කවුළුවක සිටි සේවකයෙක් එම ගාස්තු වැඩිකිරීම ගැන දක්වූ අදහසකි.

නමුත් අධිවේගී මාර්ග පද්ධතිය දියුණු කිරීමේ මුලික අරමුණ වුයේ ජනතාවට අඩු මුදලකින් ඉක්මනින් තම ගමන් අවශ්‍යතා ඉටු කර ගැනීමට උපකාරී වීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here