අන්ත්‍රාවයි! දෙවන කොරෝනා මරණය නිසා විශාල පිරිසකට රෝගය වැළඳීමේ අවදානමක්

0
36

මෙරට දෙවන කොරෝනා මරණය ලෙස වාර්තා වූ පුද්ගලයා සත්‍ය තොරතුරු වසන් කරමින් වගකීම් විරහිතව කටයුතු කිරීම නිසා විශාල පිරිසක් අවදානමකට ලක්ව ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

සෞඛ්‍ය අංශ සඳහන් කළේ ඔහුගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකු ඉන්දියාවේ සිට මෑතකදී මෙරටට පැමිණ ඇති බවයි.

මෙම පුද්ගලයා මාර්තු 11 වැනිදා යාපනය ප‍්‍රදේශයේ ද සංචාරය කර ඇති අතර පෙරේදා (29) දිනයේ මීගමුවේ නවලෝක පුද්ගලික රෝහලට ඇතුලත්ව ප‍්‍රතිකාර ලබා ගෙන ඇති බවත් එහිදී වෛද්‍යවරුන්ට සැබෑ තොරතුරු ලබා දී නොමැති බවත් වාර්තා වෙනවා.

අදාල පෞද්ගලික රෝහලේ වෛද්‍යවරුන්ට ඇති වූ සැකයක් මත එම පුද්ගලයා මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ශ්වසන ආබාධවලින් පෙලෙන රෝගියෙකු ලෙස දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබා ඇති බවත් මීගමුව මහ රෝහලේ කාර්යය මණ්ඩලයේ 50 දෙනෙකු පමණ එම පුද්ගලයාට නිරාවරණය වී තිබෙන බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

මේ හේතුවෙන් මීගමුව මූලික රෝහලේ 20 වන වාට්ටුව සම්පූර්ණයෙන් වසා දමා ඇති අතර එම වාට්ටුවේ රාජකාරි කළ වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩලය සහ එහි සිටි රෝගීන් නිරෝධායනයට යොමු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here