අධික උණුසුම් ප්‍රදේශ

0
682

එළඹෙන මාර්තු 09 වැනි දා දිවයිනේ පළාත් සහ ප්‍රදේශ කිහිපයකට අධික උණුසුම් තත්ත්වයක් බලපානු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

සෞඛ්‍යමය වශයෙන් මිනිස් සිරුරට අහිතකර එම තත්ත්වය වයඹ, දකුණ සහ උතුරු මැද පළාත්වලත්, මොණරාගල, රත්නපුර, මන්නාරම, වව්නියාව, මුලතිවු සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්වලත් ඇති විය හැකි බව දෙපාර්තමේන්තුව නිකුත් කළ අවවාදාත්මක නිවේදනයේ සඳහන් වේ.

එම තත්ත්වයෙන් මිදීමට අනුගමනය කළ යුතු පියවර –

  • හැකි තරම් කාමර උෂ්ණත්වයේ ජලය පානය
  • ගස්වැල් සහිත ස්ථානවල රැඳීම
  • වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳ සැලකිලිමත් වීම
  • කුඩා දරුවන් තනි ව වාහන තුළ රඳවා නොතැබීම
  • අධික වෙහෙසකර කටයුතු සීමා කිරීම
  • සුදු හෝ ළා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here