චීන හමුදා ප්‍රබලයින් – නැව්පති හමුවක්

0
217

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත මහජන චීන සමූහාණ්ඩුවේ හමුදා නිලධාරීන් පිරිසක් නාවුක හමුදාධිපතිවරයා හමු වෙති.

මේජර් ජනරාල් සෑන්ග් බඕක්වන්ගේ ප්‍රධානත්වයෙන් යුත් මහජන චීන සමූහාණ්ඩුවේ ජාත්‍යන්තර හමුදා සහයෝගීතා කාර්යාලයේ අදාල දූත පිරිස 2024 මාර්තු 07 වැනි දා කොළඹ නාවුක හමුදා මූලස්ථානයේ දී නාවුක හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවට පැමිණිය හ.

සුහද පිළිසඳරකින් අනතුරුව, නාවුක හමුදාවේ කාර්යයභාරය සම්බන්ධයෙන් නාවුක හමුදාධිපතිවරයා ඔවුන් දැනුවත් කළේ ය.

එම අවස්ථාවට නාවුක හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවී රණසිංහ, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිශාන්ත පීරීස්, අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු රියර් අද්මිරාල් විරාජ් ලීලාරත්න, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ ඇතුළු නාවුක හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූ හ.

 

 

තවත් ඡායාරූප –

https://www.facebook.com/share/p/UNTnRYpRFoxUwoDq/?mibextid=Nif5oz

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here