W. ජයසිරි, ‘සූදු කෙලින ජනාධිපති’ එන නිසා කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල ප්‍රතික්ෂේප කරයි

0
28
W. ජයසිරි, 'සූදු කෙලින ජනාධිපති' එන නිසා කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල ප්‍රතික්ෂේප කරයි

2018, කලාභූෂණ,රාජ්‍ය සම්මාණ උළෙල සඳහා මට ආරාධනා ලැබී තිබේ. රටේ අනාගතය සමග සූදූකෙලින ජනාධිපතිවරයෙකු ගේ අතින් කලාභූෂණ සම්මාණය ලබාගැනීම හා එම උත්සවයට සහභාගීවීම මම දැඩි පිළිකුලින් ප්‍රතික්ෂේප කරමි. පක්ෂ භේදයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමේ සටනට මම කොන්දේසි විරහිතව පක්ෂපාතී වෙමි.

– ඩබ්ලිව්. ජයසිරි

ඩබ්ලිව් ජයසිරි මහතා තමන්ගේ facebook ගිණුමෙහි මෙසේ සටහනක් තබා තිබුණා. ඒ සෙනසුරාදා (15) දින පැවැත්වීමට නියමිත, සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙලට සහභාගී වීම ප්‍රතික්ෂේප කරමින්.

කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල පවත්වන්නේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් ඇගයීම වෙනුවෙන්.

නමුත් අපට ආරංචි වුනු පරිදි මෙවර කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙලට ජනාධිපතිට සහබාගි වීමට නොහැකි නිසා එම උත්සවය කල් දමන්න යයි සංස්කෘතික දෙපාර්තමේන්තුවට දන්වා තිබෙනවා. නමුත් සියලු කටයුතු සූදානම් නිසාත්, සියලුම සම්මාන ලාභීන් දැනුවත් කර ඇති නිසා හදිසියේ මෙම උත්සවය කල් දැමීමට නොහැකි බැවින් නියමිත දිනටම එම සම්මාන උළෙල පැවැත්වීමට සංස්කෘතික දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.


ඩබ්ලිව් ජයසිරි මහතා facebook තැබූ සටහන


ඩබ්ලිව් ජයසිරි මහතාගේ facebook සටහනට ප්‍රතිචාර දැක්වූ තවත් facebook සටහන් කිහිපයක්


Update (2018-12-13 | 4.54pm)

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එළැඹෙන 15 දා පැවැත්වීමට නියමිතව තිබූ කලාභූෂණ සම්මාන උළෙල දින නියමක් නොමැතිව කල් දැමූ බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here