ඊවා වනසුන්දර විශ්‍රාම යයි

0
23
ඊවා වනසුන්දර විශ්‍රාම යයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය අද(14) සිය සේවයෙන් විශ්‍රාම යන බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නිවේදනය කෙරුණි.

අද(14) ශ්‍රේෂ්ඨාධිකරණ 502 ශාලාවේ ඊවා වනසුන්දර බුවනෙක අලුවිහාරේ සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අසුන් ගනු ලැබීය.

අධිකරණය රැස්වූ අවස්ථාවේදී විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා නිවේදනය කර සිටියේ ඊවා වනසුන්දර විනිසුරුවරිය සිය වසර 40ක සේවා කාලයේ නිමවා අද දින විශ්‍රාම ලබන බවයි.

මේ සම්බන්ධයෙන් ඇයට සුබපතන බවද විනිසුරු අලුවිහාරේ මහතා සඳහන් කළේය.

ඉන් අනතුරුව ජනාධිපති නීතිඥ කනගඊශ්වරන් මහතා විනිසුරු වනසුන්දර මහත්මිය වෙත සිය ප්‍රණාමය පුදකරන අතර වසර 40ක සේවා කාලය තුළ ඉටු කළ මෙහෙවර පිළිබඳව ඇගයීමට ලක්කරන බවද  කියා සිටියේය.

වනසුන්දර විනිසුරුවරියට සුවදායි විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරන බවද ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.

සෙසු නීතිඥවරුන් ද විනිසුරු වනසුන්දර විනිසුරුවරිය වෙත සිය සුබ පැතුම් පළකර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here