පසුගිය වසර පහ තුළ YouTubeහි සෙක්ස් සෙවූ රටවල් අතර ශ්‍රී ලංකාව එක

0
28

ගූගල් ට්‍රෙන්ඩ් හි පෙන්වන ආකාරයට පසුගිය වසර පහ තුළ YouTube හි සෙකස් සෙවූ රටවල් අතර ශ්‍රී ලංකාව පළමුවන ස්ථානයේ සිටී. නයිජීරියාව, බංගලාදේශය, ඉන්දියාව සහ ඝානා රාජ්‍ය පිළිවෙලින් පස් වන ස්ථානය දක්වා රැදී සිටී. නගර වශයෙන් ගත් විට දෙවැනියට වැඩියෙන්ම සෙකස් යන වචනය සෙවූ නගරය සෙල හෝමාගම සදහන් වේ.

2018 ජූනි මාසාය වන විට ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පිවිසුම 32%ක් වූ අතර ඉන් 63%ක් අන්තර්ජාලයට පිවිසෙන්නේ ජංගම දුරකතන මාර්ගයෙනි. කෙසේ වුවත් අන්තර්ජාලය පිළිබද තිබෙන නොදැනුවත්භාවය සහ ඉන් පැණ නැගෙන බිය නිසා අන්තර්ජාලය අපට නුසුදුසු දෙයක් ලෙස දකින පුද්ගලයන් බොහෝ සිටී. එමෙන්ම අන්තර්ජාලය කියූ පමණින් විශේශයෙන්ම ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ වල ඇති අදහස වන්නේ එය අසභ්‍ය ඡායාරූප සහ අසභ්‍ය විඩියෝ ඇති තැනක් බවයි.

“ෆෝන් බලලා ළමයි නරක් වෙනවා” යන්න නිතර අසන්නට ලැබෙන පොදු පැමිණිල්ලකි. අන්තර්ජාලය සහ ලිංගිකත්වය එකට සම්බන්ධ කිරීම තුළ ඇතමුන් බලාපොරොත්තු  වන්නේ දරුවන් ඉන් ඈත් කර තැබීමටයි. නමුත් මේ බව ඉගෙන ගෙන ඇති දරුවන් තමන්ට අන්තර්ජාල පිවිසුම ලැබුණු ගමන්ම කරන්නේ සෙක්ස් සෙවිමයි. මන්ද අන්තර්ජාලයේ වෙන කිසිවක් ඇති බව ඔවුන් දන්නේ නැත. ඒ නිසා මේ තේරුම් ගැරනීම අප වෙනස් කළ යුතුය.

ඒ අතරම පසුගිය වසර පහ තුළ වැඩිපුරම xHamster නැමති ලිංගික චිත්‍රපට ඇති වෙබ් අඩවිය ගූගල් සෙවුම් යන්තයට ඇතුළත් කර ඇත්තේද ශ්‍රී ලංකාවයි. පසුගිය මාස 12 ඇතුළත දත්ත ගත් විටද ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටී. නමුත් මෙම වෙබි අඩවි වලට පිවිසීම නීතියෙන් තහනම්ය. පුද්ගලයන්ගේ ලිංගිකත්වය නීති දමා පාලනය කළ නොහැකි බවට මෙය හොදම උදාහරණයකි.

අන්තර්ජාලය පිළිබදව මෙන්ම ලිංගිකත්වය පිළිබදවද නිවැරදි අධ්‍යාපනයක් පාසල් හරහා ලබා දිය යුතු බව අපලේ විශ්වාසයයි. ලිංගිකත්වය ගැන,ලිංගික හැසිරීම් ගැන පළමු පාඩම දරුවන් බොහෝ විට ඉගෙන  ගන්නේ අන්තර්ජාලයෙන් වන අතර ඒ තොරතුරු යාථාර්ථවාදීද,  නිවැරදිද, සැබෑ මනුෂ්‍ය සම්බන්ධතා තුළ ඇති විටිනාකම් ඒවායෙන් පිළිබිඹු වනවාද යන ප්‍රශ්ණ අද හමුවේ ඇත. ලිංගිකත්වය සැබෑ මනුෂ අවශ්‍යතාවයක් ලෙම හදුනාගෙන ප්‍රජනනයෙන් ඔබ්බට ගිය තෘප්තිය පිළිබද විවෘත සාකච්ඡාවක් ඇති විය යුතු බව බකමූණෙෘ්හි අපගේ විශ්වාසයයි.


මැණික් වඩුගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here