ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රූපසිරි විද්‍යාරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි

0
21
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රූපසිරි විද්‍යාරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රූපසිරි විද්‍යාරත්න මහතා එංගලන්තයේ ලන්ඩන් නුවරදී අභාවප‍්‍රාප්ත විය.

මාධ්‍යවේදී චතුර විද්‍යාරත්න මහතාගේ පියාණන් වන රූපසිරි විද්‍යාරත්න මහතා අභාවප‍්‍රාප්ත වන විට 83 වන වියේ පසුවිය.

ජනදින පුවත්පතෙන් සිය මාධ්‍ය දිවිය අරඹා වසර 12කට පසු ඇත්ත පුවත්පතට සම්බන්ධ වු විද්‍යාරත්න මහතා 1982 වසරේදී ආරම්භක සාමාජිකයකු වශ්‍යයෙන් දිවයින පුවත්පතට එක්වු අතර ප‍්‍රධාන අධිකරණ වාර්තාකරු වශ්‍යයෙන් ඔහු විශ‍්‍රාම ගන්නාතුරුම එහි සේවය කළේය.

විශ‍්‍රාම යෑමෙන් අනතුරුව එංගලන්තයේ පදිංචියට ගිය රූපසිරි විද්‍යාරත්න මහතා දීර්ඝ කාලයක් රෝගී තත්වයෙන් පසුවිය. ඔහුගේ අවසන් කටයුතු එංගලන්තයේදී සිදුකෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here