මුල්ම විනය පරීක්ෂණය ජනාධිපතිවරයාට එරෙහිව තබන්නැයි ඉල්ලීමක්

0
21
මුල්ම විනය පරීක්ෂණය ජනාධිපතිවරයාට එරෙහිව තබන්නැයි ඉල්ලීමක්

විනය පරීක්ෂණ තියනවා නම් මුලින්ම ජනාධිපතිවරයාට එරෙහිව එය පැවැත්විය යුතු බව අධීක්ෂණ මන්ත්‍රි පියසේන ගමගේ මහතා පවසනවා.

නෙළුව – මැදගම සිය නිවෙසේදී මාධ්‍යවේදීන් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ තමන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට දයාසිරි ජයසේකර මහතාට නොහැකි බවයි.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපට කලින් විනය පරීක්ෂණ තියන්න ඕන කට්ටිය ඉන්නවා. මම දයාසිරි ජයසේකරට කියනවා මුලින්ම එහෙනම් ඒ අයට විනය පරීක්ෂණ තියන්න කියලා. ඔය දයාසිරි අරහෙට මෙහේට පැන පැන ඉන්න කොට අපියි ශ්‍රී ලනිපය දිනෙව්වේ.

දයාසිරිට බෑ අපිට විනය පරීක්ෂණ තියන්න. ඔය විනය පරීක්ෂණ තියනවා නම් මුලින්ම තියන්න ඕන ජනාධිපතිතුමාට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේ එහෙම විනය පරීක්ෂණ තිබුණේ නෑ. මේ පාරත් එහෙම තියන්න බෑ. ඒකට පූර්වාදර්ශයක් නැහැ.

ඉදිරියේදීත් ජාතික ආණ්ඩුවක් ගැන මතයක් ඇහුවොත් මගේ ඡන්දය පක්ෂව ලබා දෙනවා. මට ඇමැතිකම් තිබුණත් නැතත් එකයි. මම ඉන්න තැනට හැමදාම කැපවෙලා වැඩ කරපු මිනිහෙක්. ඉදිරියටත් ඒ වගේම ඉන්නවා.” යැයි අධීක්ෂණ මන්ත්‍රි පියසේන ගමගේ මහතා එහිදී සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here