SMS නිසා දවස් 125ක දී අලි – දුම්රිය ගැටුම් නෑ

0
22
SMS නිසා දවස් 125ක දී අලි – දුම්රිය ගැටුම් නෑ

වන අලින් දුම්රියේ ගැටීම වළක්වා ගැනීමට ආරම්භ කළ කෙටි පණිවුඩ(එස්.එම්.එස්.)සේවාව හේතුවෙන් ගෙවීගිය දින 125ක කාලය තුළ කිසිදු අනතුරක් සිදුවනැතැයි අලි ඇතුන් දුම්රියේ ගැටීම වළක්වා ගැනීමේ ව්‍යාපෘතිය සඳහන් කරයි.

දුම්රිය මාර්ග ආසන්නයේ අලි ඇතුන් ගැවසෙන්නේ නම්,ඒ පිළිබඳ දැනුම් දීමට දුරකථන අංකයක් විවෘතකර තිබෙන බවත්,එම අංකයට දිනකට ඇමතුම් හතරක් හෝපහක් ලැබෙන බවත් එම ව්‍යාපෘතියේ ඉංජිනේරු ඉරේෂ් පෙරේරා මහතා සඳහන් කළේය.

මීට අමතරව දුම්රිය මාර්ග ආසන්නයේ අලි ඇතුන් ගැවසෙන්නේ නම්,ඒ පිළිබඳ ස්වයංක්‍රීයව එස්.එම්.එස්. පණිවුඩයක් ලැබෙන උපකරණ දෙකක් අලි මංකඩ දෙකක මේ වනවිට සවිකර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.

අලිඇතුන් ගැවසෙන දුම්රිය මාර්ග පිළිබඳ ජනතාවගෙන් තොරතුරු ලබා ගැනීමට මීට දින 125කට පමණ පෙර 071-4445454 දරන දුරකථන අංකය විවෘත කළ බවත්, ජනතාවගෙන් හා ස්වංක්‍රීය පද්ධතියෙන් ලැබුණු තොරතුරු මත දුම්රියමාර්ග ආසන්නයේ අලි ඇතුන් ගැවසීම පිළිබඳ අනතුරු ඇඟවීම් සියයක් නිකුත් කර තිබෙන බව
ඉරේෂ් පෙරේරා මහතා පැවසීය.

ජනතාවගෙන් ලැබෙන තොරතුරුවලට අනුව දුම්රිය රියැදුරන්ට හා කාර්ය මණ්ඩලවලට අනතුරු ඇඟවීමේ එස්.එම්.එස්. පණිවුඩ නිකුත් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here