ඩෙංගු ත්‍රස්තවාදය යළි හිස එසවීමේ අවධානමක්

0
32

නිරිත දින මෝසම් සුළං සක්‍රීය විම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවධානමක් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

මේ අනුව කොළඔ, ගම්පහ, මහනුවර, ගාල්ල හා රත්නපුර යන දිස්ත්‍රික්කවල මෙම අවධානම මතුව ඇත. ඩෙංගු මදුරුවා වඩාත් සක්‍රිය වන්නේ දවසේ පෙ.ව 6.00 සිට පෙ.ව 11.00 යන කාලයේ දි හා ප.ව. 3.00 සිට ප.ව 7.00 දක්වා ඇති කාලයේ දීයි. මේ කාලයේ දී දිග ඇඳුම් ඇඳිම හා මදරුවන් විකර්ෂණය වන ආලේප ගැල්විම වඩාත් යෝග්‍ය වේ.

ඩෙංගු මඳුරුවන් බෝවන නිවාස, වැඩබිම්, පාසල්, ආයතන පරිශ්‍ර, ආගමික ස්ථාන, කර්මාන්ත ශාලා, ඉදිකිරිම් පරිශ්‍රයන් හා පොදු ස්ථානවල ඩෙංගු මදුරුවන් බෝ විය හැක. ඩෙංගු රෝගයේ ප්‍රධාන ලක්ෂණ වන්නේ උණ සමඟ හිසරදය, වමනය, මස්පිඩු වේදනා හා හන්දි පත් වේදනාව, සමේහි රතු ලප සැදිම, රුධිර වහනය ආදිය ඇති වුහොත් වහාම ළඟම ඇති වෛද්‍යවරයා හමු වන ලෙස සෞඛ්‍ය කාර්යංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. විශේෂයෙන් ළඳරුවන් හා ගර්ඵණි මව්වරුන් ගේ මෙම රෝග ලක්ෂණ ඇති වුවහොත් නොපමාවෙ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමු විය යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here