පූජිත්ට සහ හේමසිරිට ගොනු කෙරෙන්නේ මිනීමැරුම් චෝදනා

0
26

නීතිපති දප්පුල ලිවේරා මහතා විසින් උපදෙස් ලබාදී ඇත්තේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට මිනීමැරුම් චෝදනා ගොනු කිරීමට බව වාර්තා වේ.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් පුද්ගලයින් 250කට අධික සංඛ්‍යාවක් මියයෑමට සැලැස්වීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ ඔවුන් දෙදෙනාට මිනීමැරුම් චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

කෙසේවෙතත් “සාවද්‍ය මනසකින් තොරව කරන කිසිවක් අපරාධයක් නොවේ” යනුවෙන් සිද්ධාන්තයක් නීතියෙහි තිබේ. ඒ අනුව මෙම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් මියයෑමට අදාළව පොලිස්පතිවරයාගේ සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ සාවද්‍ය මනස සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමේ වගකීම නීතිපතිවරයා වෙත මින් පැවරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here