කතරගමට තාවකාලික පොලිතින් තහනමක්

0
35

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ උත්සව සමයේ එම ප්‍රදේශය පොලිතින්වලින් තොර කලාපයක් බවට නම්කර තිබෙනවා.

එම වැඩසටහන ලබන 17 වැනිදා දක්වා ක්‍රියාත්මකයි. ඇසළ උත්සවයට පැමිණෙන සියලුම බැතිමතුන් පොලිතින් හා ප්ලාස්ටික් රැගෙන ඒමෙන් වළකින ලෙස මොණරාගල දිස්ත්‍රික් ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ජනාධිපති ලේකම් කාර්යාලය, කතරගම දිස්ත්‍රික් ලේක්ම කාර්යාලය, මධ්‍යම පරිසර අධිකාරිය හා කතරගම ප්‍රාදේශීය සභාව එක්ව කතරගම පූජා භූමි ප්‍රදේශය තුළ පරිසර දූෂණය අවම කිරීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ.

නමුත් ඒ සියල්ල ක්‍රියාත්මක වන්නේ ඇසල උත්සව සමයේ පමණක් වීම කනගාටුවට කරුණක්. මෙම උත්සව කාලය අවසන් වූ පසු යලිත් පොලිතින් ගෙන ඒමට හැකියාව පවතිනවා. කතරගම පමණක් නොව ශ්‍රී ලංකාවේම තත්ත්වය වන්නේ මෙයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here