ජල විදුලියට කොළ එළියක්

0
33

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල විදුලිබලාගාර පෝෂක ප්‍රදේශවලට දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ එම ජලාශ වල ජල මට්ටම් සීඝ්‍රයෙන් ඉහල නගිමින් පවතිනවා.

ලක්ෂපාන ජලවිදුලි බලාගාර සංකීර්ණයට අයත්, මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම ඉකුත් 17.18,19 යන තෙදින තුල පැවති වර්ෂාවත් සමඟ පිළිවෙලින් අඩි 09 ක් හා 12 ක් වශයෙන් පිරී ඇති බව එම ජලාශ බාර ඉංජිනේරුවෝ පැවසූවා.

මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම පිටාර මට්ටමට පැමිණිමට අද (20) පෙ.ව. 06.00 වන විට පිළිවෙලින් අඩි 35.06 ක් හා 28 ක් වශයෙන් පැවති බව එම ජලාශ බාර ඉංජිනේරුවෝ වැඩිදුරටත් පවසා සිටියා.

ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් ලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණය යටතේ ඇති ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර හා කැනියෝන් යන විදුලිබලාගාර 05 සඳහා ප්‍රධාන වශයෙන් ජලය සපයන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here