“ෂරියා නීතියට අතගහන්න අපි ඉඩ දෙන්නේ නැහැ” – අසාත් සාලි

0
22

ෂරියා නීතිය ඇත්තේ මුස්ලිම් ජනතාවට බවත් එයට මැදිහත්වීමට කිසිවෙකුටත් අවස්ථාවක් නොදෙන බවත් බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාත් සාලි පවසසනවා. ඊයේ (25දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවා.

“ෂරියා කියන එක වරදවා ගන්න එපා. ෂරියා කියන්නේ කිසිම කෙනෙකුට බලපෑමක් කරන එකක් නෙමෙයි. ෂරියා කියන්නේ අපිට පිළිපදින්න තියෙන එකක්. ආණ්ඩුවට පිළිපදින්නවත්, ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන්ටවත්, මන්ත්‍රීවරුන්ටවත් පිළිපදින්න තියෙන දෙයක් නෙමෙයි. මුස්ලිම් ජනතාවට පිළිපදින්න තමයි ෂරියාව තිබෙන්නේ. ෂරියාවට අතගහන්න අපි ඉඩකඩ දෙන්නේ නෑ.”

මෙහිදී වෛද්‍ය සාෆි සම්බන්ධවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වා සිටියා.

“සාෆිට එරෙහිව නගර සභා සේවකයන් දාලා විරෝධතා කරන්නේ…. රතන හාමුදුරුවෝ පැලෝපීය නාල විශේෂඥයෙක් වෙලා ඉන්නේ…. පැලෝපීය නාල කොහොමද මිරිකුවේ කියා උන්වහන්සේ දන්නවා…. ඒ ගැන පී.එච්.ඩී. එක අරගෙන තියෙන්නේ විමල් වීරවංශ උන්නැහේ. පැලෝපීය නාල ගැන මහා පණ්ඩිතයා තමයි උදය ගම්මන්පිල. එල්ලලා මරන්න ඕන කියනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here