වතු නිවාස පේළියක ගින්නක් නිසා පිරිසක් අවතැන්

0
36

ඩයගම, චන්ද්‍රිගාමම් තේ වතුයායේ, වතු නිවාස පේළියක පසුගියදා (05) රාත්‍රී 09.00 ට පමණ ඇති වූ හදිසි ගින්නකින් නිවාස 12 ක් සම්පූර්ණයෙන් දැවී විනාශ වී ගොස් තිබෙනවා.

ඒ නිසා පවුල් 09 ක සාමාජිකයින් 49 ක් අවතැන්.

ඩයගම පොලිස් වසමට අයත්, ඩයගම ‘චන්දිරිගාමම්’ තේ වතු යායේ, වතු නිවාස අංක 05ට අයත් නිවාස පේළියක මෙම ගින්න හටගෙන තිබෙනවා.

මෙම නිවාසවල තිබූ වතු කම්කරුවන්ගේ වටිනා ලියකියවිලි ඇතුලු සියලු දේපළ ගින්නෙන් විනාශයට පත්ව ඇති අතර මෙහිදී කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව ඩයගම පොලීසිය පවසනවා.

අවතැන්වූවන් දැනට චන්ද්‍රිගාමම් දෙමළ විද්‍යාලයේ තාවකාලිකව ලැගුම් ගෙන සිටින අතර එම පිරිසෙහි පාසල් ළමයින් 10 දෙනෙක්ද සිටිනවා.

අවතැන්වුවන් සඳහා ආගරපතන ප්‍රාදේශිය සභාව මගින් පහසුකම් සපයා ඇති අතර. ඩයගම පොලීසියේ නිලධාරින් ප්‍රදේශවාසීන් සමග එක්ව ගින්න මැඩ පවත්වා පැතිරයාම වළක්වමින් නිවා දමා තිබෙනවා.

මෙම ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට පොලීසිය සැකකරන බව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන ඩයගම පොලීසියේ නිලධාරියෙක් පැවසුවා.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here