රූපවාහිනී සංස්ථාව ජනාධිපති අතට ගනියි

0
31

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ(09) නිකුත් කළා.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මෙතෙක් පැවතියේ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ධුරය දරන එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන රුවන් විජේවර්ධන මහතා යටතේයි.

අද නිකුත් කෙරුණු ගැසට් නිවේදනයට අනුව එය ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශ විෂය පථයට එකතු වනවා.

ජනමාධ්‍ය සම්බන්ධයෙන් කැබිනට් ඇමති ධුරයක් මීට පෙර පැවති අතර මංගල සමරවීර මහතා විසින් එම ධුරය හොබවනු ලැබුවා.

ජනාධිපතිවරයා විසින් මීට පෙර නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයකට අනුව මංගල සමරවීර මහතාගෙන් ජනමාධ්‍ය විෂය ඉවත් කෙරුණු අතර, රුවන් විජේවර්ධන මහතා එම විෂය සදහා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස පත් කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here