‘දළදා පෙරහැරෙන් වධ විඳි ටිකිරි’ අවසන් ගමන් යයි….

0
29

අසනීප තත්ත්වයෙන් සහ වයෝවෘධව ඉතා දුර්වල වී සිටියදී මහනුවර දළදා පෙරහැරේ ගමන් කරවීම හේතුවෙන් බොහෝ අවධානය දිනාගත් ටිකිරි ඇතින්න ඊයේ (24) සවස මිය ගියා.

අසනීප තත්ත්වය සහ වයෝවෘධව සිටියදීත් මෙම ඇතින්නව දළදා පෙරහරේ ගමන් කරවා පීඩා කල නමුත්,

එම ඇතින්නගේ භාරකරුවන් සඳහන් කළේ බාරයක් ඔප්පුකිරීම වෙනුවෙන් ටිකිරි ඇතින්න පෙරහරේ ගමන් කරවූ බවයි.

නමුත් අපට අසන්නට ඇත්තේ මිනිසුන්ගේ බාරවලට අසරණ සතුන් පළි ද කියා පමණි. දළදා පෙරහැර තියා මොන දෙයකට වුනත් අසනීප, වයෝවෘධ සත්ත්වයෙක් හෝ මනුෂයෙක් වෙනත් මනුෂ්‍යන්ගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් මොනයම් හේතුවක් මත හෝ යෙදවීම එම සත්ත්වයාට හෝ මිනිසාට වධයකි, පීඩාවකි, වේදනාවකි. එය මානුෂීය නොවන අතර සදාචාරාත්මකද නොවේ.

ආගමික ප්‍රජාව ඇතුන් පෙරහරේ ගමන් කරවීම ඒ සත්ත්වයන්ට පිනක් ලෙස සැලකුවද, හෙන්ඩු තබාගෙන, දම්වැල් වලින් බැඳගෙන සතුන් පීඩාවට පත්කිරීමක් බව ආගමික අන්ධ බාවයට ලක් නොවුණු ඕනෑම කෙනෙකුට පෙනෙන කරුණකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here