හමුදාවට බාර දුන් දරුවන් 29 දෙනෙකු අතුරුදහන්

0
18

ලෝකයම ළමුන්ගේ දිනය සමරන දා ශ්‍රී ලංකාවේ අතුරුදහන් දරුවන් පිළිබඳ හද කම්පා කරවන වාර්තාවක් උතුරේදී එළිදක්වා තිබේ.

දෙමළ මව්වරුන් විසින් හෙලිකර ඇති එම වාර්තාවට අනුව යුද්දාවසනයේ අවම වශයෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ බාරයට පත් වු ළමුන් 29 දෙනෙකු ආගිය අතක් නැත.

අතුරුදහන් කරනු ලැබු දරුවන් වයස අවුරුදු 14 අඩු අතර ඉන් ලාබලතම දරුවාගේ 8ට මාසයකට නොඅඩු බවයි ඔක්තෝම්බර් 01 වනදා “ශ්‍රී ලංකාවේ අතුරුදහන් වු දරුවෝ” මැයෙන් නිකුත් වු වාර්තාවේ දැක්වෙන්නේ.

යුද්ධය අවසන් යැයි ශ්‍රී ලංකා රජය නිවේදනය කළ දවසට පෙර දා හමුදාව වෙත බාර දුන් අට මස් හැවිරිදි මහලිංගම් එළිලිනී නැමැති බිළිඳිය අතුරුදහන් කර ඇත්තේ ඇයගේ මව, පියා සහ සොහොයුරින් දෙදෙනා ද සමඟය.

නැගෙනහිර පළාතෙන් අතුරුදහන් වූ දරුවන් දෙදෙනකු හැරෙන්නට, සෙසු ළමුන් 27 දෙනාම අතුරුදහන්ව ඇත්තේ ඔවුන්ගේ පවුල් එකම දිනක දී ශ්‍රී ලංකා හමුදාවන්ට යටත් වීමෙන් පසු ය.

ශ්‍රී ලංකාවේ එකම ස්ථානයක වැඩිම දරුවන් පිරිසක් එකම දිනක දී අතුරුදහන් වූ සිදුවීම මෙය විය හැකි බවට විශ්වාසය කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here