ගලගොඩට එරෙහිව යාපනයේ ආයෙමත් විරෝධතා

0
21

බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් උතුරේ දෙමළ දේශපාලනඥයින් හා ස්වේච්ඡා සංවිධාන ගණනාවක් අද (06) යාපනයේ විරෝධතාවයක නිරත වුනා.

යාපනය ප්‍රධාන බස් නැවතුම්පල ඉදිරිපිටදී මෙම විරෝධතාවය සංවිධානය කර ඇති අතර ‘බලහත්කාරයෙන් උතුරේ බෞද්ධ ආගමික ස්ථාන පිහිටුවීමට එරෙහි සංවිධානය’ විසින් මෙය සංවිධානය කර තිබෙනවා.

මෙම උද්ඝෝෂණය ‘ආගමික අයිතිවාසිකම් හා අධිකරණ නියෝගවලට පටහැනි අභියෝගවලට විරුද්ධ පොදු අරගලය’ ලෙස නම් කර ඇති බව සඳහන්.

එමෙන්ම, ගුරුකන්ද නායක හාමුදුරුවන්ගේ ආදාහනය එම විහාරස්ථානයේ පැවැත්වීම සම්බන්ධයෙන් මෙන්ම ඒ ස්ථානය බෞද්ධ ආගමට අයත් ස්ථානයක් වශයෙන් ප්‍රකාශ කිරීම පිළිබදව තම සංවිධානයේ විරෝධය පළ කරන බවයි දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here