ජනාධිපතිගේ නියමයෙන් පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව නැවත ආරම්භ වේ

0
22

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ජාතික ප්‍රතිපත්තියට අනුව දේශීය කර්මාන්තය නගා සිටුවීමට සැලසුම්ගත වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබේ.

එහිදී දේශීය සීනි කර්මාන්තය නැවත ආර්ථික වශයෙන් පණ ගැන්වීමට ප්‍රමුඛතාව ලබාදී තිබෙන අතර වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂි කර්ම අමාත්‍ය රමේෂ් පතිරණගේ ප්‍රදානත්වයෙන් විශේෂ නිරික්ෂණ චාරිකාවක් හා සේවක හමුවක් පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවේදී පැවත්විණි.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සහ රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකරද එක්වූ අතර පැල්වත්ත සීනි කර්මාන්තශාලාවේ ඉදිරි කටයුතු සදහා තීන්දු තීරණ රැසක් ගනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here