ලබන මාසයේ සිට විදුලිය කැපීමක්

0
23
හෙට ඉඳන් විදුලිය සැපයීමට සීමාවක්

ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබාදීම නතර කිරීමත් නියඟය උත්සන්න වීමත් නිසා ලබන මස අග සිට විදුලිය කපා හැරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ඉන්ජිනේරුවෝ අනතුරු අඟවනවා.

මේ වනවිට පවතින දැඩි උෂ්ණත්වය නිසා දෛනික විදුලි ඉල්ලුම මෙගාවොට් 450 සිට මෙගාවොට් 500 දක්වා ඉහළ ගොස් තිබෙන අතර පවතින තත්ත්වය හමුවේ අනිවාර්යයෙන්ම දෛනිකව පැය කිහිපයක විදුලි කප්පාදුවක් තවත් සති කිහිපයකින් ආරම්භ කිරීමට සිදුවන බවද ඔවුහු කියා සිටිනවා. කඩිමුඩියේ විදුලි බලාගාර ඉදි කළ නොහැකි නිසා අඛණ්ඩව විදුලිය ලබාදීමට නම් තරගකාරී මිල ගණන් යටතේ පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට සිදුවන බවද ඉන්ජිනේරුවරු ‘මව්බිම’ට පැවසුවා.

මේ වනවිට දෛනික විදුලි සැපයුම සඳහා ජල විදුලි නිෂ්පාදනයද සියයට 10කින් වැඩිකර ඇත. අලුත්වැඩියා කටයුතු සඳහා නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ මෙගාවොට් 300ක විදුලි උත්පාදන පද්ධතියක් නවතා තිබෙන අතර කැලණිතිස්ස බලාගාරයේ මෙගාවොට් 165ක්ද අලුත්වැඩියා කටයුතු නිසා නතර කර තිබෙනවා.

පවතින වියළි කාලගුණය හා නියඟය තවදුරටත් දරුණු වන බවට කාලගුණ අනාවැකි පළවී තිබෙන නිසා ලබන මස අවසන් වීමට පෙර විදුලි කප්පාදු කිරීම හැර විසඳුමක් නැතැයිද ඔවුන් තවදුරටත් අනතුරු අඟවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here