ජනාධිපතිගේ නිදහස් දින කතාවට මංගලගේ ඇගයීමක්

0
54

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (04) නිදහස් දින උත්සවයේදී කළ කතාව අගයමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර Twitter සටහනක් නිකුත් කර තිබෙනවා.

එම සටහනෙහි, ජනාධිපතිවරයා විශිෂ්ට කතාවක් කළ බවත් කතාව මෙන් වැඩ ද කළ යුතු බවත් සඳහන් කර තිබෙනවා.

ඔහු නිකුත් කළ Twitter සටහන පහතින්.

“ජනාධිපතිවරයා අද විශිෂ්ට කතාවක් කළා. දැන් ඔහු කතාව වගේම වැඩ ද කළ යුතුයි. ශක්තිමත් නායකයකු යනු ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ දුෂ්කර තීරණ ගනිමින් ඒවා ක්‍රියාත්මක කරන පුද්ගලයෙකි.

1948 නිදහස ලැබීමෙන් පසු අපි ආ මගේදී අපේ අර්ථවත් නායකයන් ඉතා හොඳ කතා කළා. දැන් වැඩ කරන්න කාලය ඇවිත්”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here