මහින්දාන්නදට එරෙහි විරෝධය නිසා සුනිල් හඳුන්නෙත්ති නැවතත් COPE සභාපති ⁣ලෙස පත්වෙයි

0
20

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති යළිත් වරක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති ධුරයට තෝරා පත්කරගෙන තිබේ.

පැවති කෝප් කමිටුවේද සභාපතිවරයා ලෙස කටයුතු කළේද සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා විසිනි. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණීමත් සමග පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම හේතුවෙන් කෝප් කමිටුවද අහෝසි වී ගියේය.

පසුව ජනවාරි 03 වනදා පාර්ලිමේන්තුව යළි රැස්වූ අතර ඉන් මාසයක් පමණ ගතවීමෙන් පසු අද (07) දින යලිත් කෝප් කමිටුව රැස්වීමෙන් පසු මෙලෙස සභාපති පත් කිරීමට නියමිතව තිබිණි.

ඒ අනුව අද පස්වරු 02.00ට කාරක සභා කාමර අංක 05දී රැස් වී තිබෙන අතර එහිදී නව සභාපතිවරයා ලෙස හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති තෝරා පත්කරගෙන තිබේ.

කෝප් කමිටුව මාධ්‍යයට විවර කිරීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගනු ලැබුවේ සුනිල් හඳුන්නෙත්ති සභාපතිවරයාගේ යෝජනාවක් අනුව වන අතර විශේෂයෙන් පැවති එක්සත් ජාතික පක්ශ + ශ්‍රී ලංකා නිදහස් පක්ශ ආණ්ඩුව සමයේ සිදු කළ බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් කෝප් විමර්ශණය සිදු කළ විශිෂ්ඨ ආකාරය සම්බන්ධයෙන් සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා කාගේත් පැසසුමට ලක් විය.

කෝප් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජන්ත, මහින්දානන්ද අලුත්ගමගේ, දයාසිරි ජයසේකර, ජයන්ත සමරවීර, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා යන අමාත්‍යවරුන් සහ රාවුෆ් හකීම්, විජේදාස රාජපක්ෂ, හර්ෂ ද සිල්වා, අජිත් පී පෙරේරා, ශ්‍රියාණි විජේවික්‍රම, රන්ජන් රාමනායක, අශෝක් අබේසිංහ, මාවෙයි එස්.සේනාධිරාජා, ඩී.වී චානක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එලෙස පත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here