මෛත්‍රී – දහම්ටයි, චතුරිකාටයි ලක්ෂ 3,289ක වාහන ගෙන්වලා

0
29

පසුගිය යහපාලනය රජය විසින් මැති ඇමැතිවරුන් සඳහා පමණක් වාහන ගෙන්වීමට රුපියල් බිලියන 28 ක මුදලක් වැය කර ඇති බව ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළි වී තිබෙනවා.

ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් සභාගත කළ පිළිතුරක මෙම තොරතුරු දීර්ඝව දැක්වෙයි.

එමඟින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් වාහන ගැනීමටයි.

ඔහු ගෙන්වා ඇති වාහන ගණන 09ක් වන අතර එ් සදහා වැය කර ඇති මුදල ලක්ෂ 3,289කි.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් වරයෙකුවන ඕෂල හේරත් විසින් තම ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත්තේ එම වාහන වලින් මෛත්‍රිපාල සිරිසේනගේ දියණිය චතුරිකා සිරිසේන, ලෙක්සස් වර්ගයේ මෝටර් රථයද, ඔහුගේ පුත්‍රයාවන දහම් සිරිසේන වෙනුවෙන් BMW x5 වර්ගයේදී ජීප් රථද ගෙන්වා ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here