‘මිරිස්කුඩු ගැසූ ප්‍රසන්න රණවීර’ ඉන්දියාවේ ඉතිහාසය අලුතින් ලියයි…!

0
24

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ ඉන්දියාවෙහි නිල සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර ඉන්දියාවෙහි ඉතිහාසය පවා වෙනස් කරන අන්දමේ ප්‍රබල ප්‍රකාශයක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ පළ කර තිබේ.

එහි සඳහන් වන පරිදි ප්‍රසන්න රණවීර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවීමෙන් අනතුරුව රාජ් ඝාට් හි පැවති මහත්මා ගාන්ධි සමරුවකට සහභාගී වී ඇති අතර එහිදී ඔහුට ගාන්ධිතුමාගේ මුණුපුරෙකු වන රාහුල් ගාන්ධි හඳුනා ගැනීමට ද අවස්ථාව ලැබී ඇත !

අප දන්නා පරිදි මෙතෙක් ඉන්දීය ඉතිහාසයෙහි ලියැවී තිබුණේ රාහුල් ගාන්ධිගේ සීයා යනු ෆෙරෝස් ගාන්ධි බවත් ඔහුට මහත්මා ගාන්ධිතුමා සමඟ කිසිදු ඥාතීත්වයක් නොතිබුණු බවත්ය.

එහෙත් නිරන්තරයෙන් වියත් මගේ වියතුන්ගේ ඇසුර ලබන, ආණ්ඩු පක්ෂයේ ප්‍රබලතමයකු වන ‘ප්‍රසන්න රණවීරතුමා’ විසින් මෙවන් ප්‍රකාශයක් ආවාට ගියාට සිදු නොකරනු ඇති අතර මේ ඥාති සම්බන්ධය හෙළිකිරීම සඳහාම එතුමාට ඉන්දීය සංචාරයක් ලැබුණාදැයි අප දන්නේත් නැත.


සටහන උපුටා ගැනීම – ලංකා නිව්ස් වෙබ්


කෙසේවෙතත් දැන් එම සටහන සංස්කරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here