ආණ්ඩු පක්ෂයේ ප්‍රධානම තනතුරක් ප්‍රසන්න රණවීරට

0
25

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහකාර ප්‍රධාන සංවිධායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරව පත්කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් මෙම පත්වීම ලබාදී ඇත.

කෙසේවෙතත් පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිතව ඇත්තේ මාර්තු 03 වනදා වන අතර එදිනට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ද ආණ්ඩුව සූදානමින් පසුවන්නේ නම් මෙම පත්වීමෙහි තේරුම කුමක්ද යන ප්‍රශ්නය ද මතුවේ.

2018 ඔක්තෝබර් ආණ්ඩු පෙරළිය සමයේදී පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරුන්ට සහ පොලිස් නිලධාරීන්ට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කළේ ප්‍රසන්න රණවීර විසින් වන අතර ඔහු පසුව ප්‍රකාශ කර තිබුණේ ඊට තම පක්ෂයේ බොහෝදෙනා සම්බන්ධවී සිටි නමුත් අවසානයේ වගකීම තමන් පිට පමණක් පැටවුණු බවකි. එමෙන්ම ඔහු විසින් පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ පුටුවට වතුර හැලීමේ සිදුවීම නිසාද ඉතා ප්‍රසිද්ධ විය.

එසේම ඉදිරි ආණ්ඩුවෙහි කැබිනට් අමාත්‍යධුරයක් තමන්ට ලැබෙනු ඇති බව ද ඔහු සඳහන් කර තිබුණේ පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ ඉන්දීය සංචාරයකට ද සහභාගී වීමෙන් අනතුරුවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here