“මම මේ සැරේ සජිත්ගේ පැත්තේ”

0
47

ඉදිරි මහ මැතිවරණයේදී පක්ෂ ලාංඡනය කුමක් වුවත් තමන් හා තම පක්ෂය තරග කරන්නේ සජිත් ප්‍රේමදාස සමඟ බව හිටපු කර්මාන්ත අමාත්‍ය හා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඊයේ (24 දා වවුනියාවේදී පැවසීය.

ඔහු මේ බව පැවසුවේ සමස්ථ ලංකා මහජන කොග්‍රස් පක්ෂයේ ශාඛා කාර්යාලයක් වවුනියාව කුරුමන්කාඩු ප්‍රදේශයේදී විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදීය.

සජිත් ප්‍රේමදාසට ලැබෙන්නේ අලියාද හංසයාද යන්න තමන්ට හෝ තම පක්ෂයට වැදගත් නොවන බව කියූ හිටපු අමාත්‍යවරයා මේ වන විට තම පක්ෂය තීන්දු කොට ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්ව තරග කිරීමට බව පැවසීය.

මෙහිදී මාධ්‍යවේදීන් සජිත් ප්‍රේමදාස, රිෂාඩ් බදියුදීන් එක් කර නොගන්නා බවට ප්‍රකාශ කොට තිබියදී ඔහු සමඟ එක්ව මැතිවරණයට තරග කරන්නේ කෙසේදැයි විමසූ විට රිෂාඩ් බදියුදීන් කියා සිටියේ සජිත් ප්‍රේමදාස තම පක්ෂයට හෝ තමාට එවැන්නක් ප්‍රකාශ කොට නොමැති බවයි.

මෙවර මහ මැතිවරණයේදී වන්නි දිස්ත්‍රික්කය සඳහා තමන් තරග කරන බව පැවසූ රිෂාඩ් බදියුදීන් කියා සිටියේ, ඒ තරග කිරීම එක්සත් ජාතික පක්ෂයෙන්ද එසේත් නොමැතිනම් එහි සන්ධානය සමඟද යන්න මෙතෙක් නිරවුල් වී නොමැති නමුත් සජිත් ප්‍රේමදාස විසින් ගොඩ නගනු ලබන සන්ධානය ඔස්සේ තමන් තරග කරනා බවයි.


රසාදි චතුරංගි ගමගේ
වවුනියාව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here