කොරෝනා ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත වීමේ අවදානමක්

0
24

කොරෝනා හෙවත් ‘කොවිඩ් – 19’ වෛරස රෝගය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බැවින් ඉන් වැළකීමට ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සහය වන්නැයි රජය විසින් ජනතාවගෙන් ඉල්ලා සිටියි. ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත්කර කරමින් මේ බව කියා සිටියි.

මේ වන විට ලෝකය පුරා රටවල් රැසක වෛරසය ව්‍යාප්ත වෙමින් පවතයි. එය පාලනයට එම රටවල් විධිවිධාන රැසක් ගෙන තිබේ.

කොරෝනා වෛරසය මෙරට දී ආසාධිත පළමු ශ්‍රී ලාංකිකයා ඊයේ (10) පස්වරුවේ හඳුනා ගැනුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. 52 හැවිරිදි මොහු සංචාරක මග පෙන්වන්නෙකු ලෙස ක්‍රියා කළ අයෙකි. පසුගිය දිනවල ඉතාලි ජාතික සංචාරක කණ්ඩායමකට ඔහු සේවාව සපයා තිබේ. රෝගියා නිරෝධායනයට ලක් කර ඇති අතර ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර ඇතිබවද වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.

ඒ අතර, සංචාරක කණ්ඩායම ගමන් ගත් ස්ථාන හා ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම ද ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here