“කොරෝනා මෙච්චර වැඩි වුනේ නිමල් ලාන්සා නිසා”

0
22

රටක් ලෙස අප මේ ප්‍රශ්ණය කළමණාකරණය කිරිමේදි වැරදුන පළමු තැන වූයේ ඉතාලිය වැනි රටවල සිට පැමිණෙන ශ්‍රිලාංකිකයන් නිරෝධානයට යොමුකිරිම සදහා විධිමත් වැඩපිළිවෙලක් සංවිධානය කරගැනිමට නොහැකි විම නිසාය.

එහි පළමු වරද කළේ පොහොට්ටු දේශපාලකයා වුයේ නිමල් ලංසාය.

ඒ බව සෞඛ්‍ය ඇමතිණියද දැන් පිළිගෙන හමාරය.

නිමල් ලංසා විසින් හැදල ජනයා අවුස්සා විරෝධය පළකරන්නේ රජයක් හැටියට ඉදිරිපත් කරන්නට යෙදුන පළමු නිරෝධායන වැඩපිළිවෙලටය.

මනාපවලට ඇති කෑදර කම නිසා මාධ්‍ය ඉදිරියේ මයික් විරයෙකු වෙමින් නිමල් ලංසා කියා සිටියේ “මම මේ නිරෝධායන මධ්‍යස්ථානය මෙතන දාන්න දෙන්නේ නැහැ” කියාය.

ඒ ගැටලුවත් සමගින් වෙනත් විකල්ප කරා යමින් නිරෝධායන ස්ථාන ස්ථාපිත කිරිමට රජයට යම් කාලයක් ගත විය. එපමණක් නොව ඉතාලියේ ඇති බිහිසුණු තත්වයට බියෙන් මව්රට පැමිණි පුරවැසියන්ට ලංසාලා විසින් කල් ඇතිවම දී තිබුණ චිත්‍රයත් සමගින් නිරෝධායන මධ්‍යස්ථාන වලට වඩා අපේ තැන් හොද යැයි හිතෙන්නට ඇත.

කෙසේ වෙතත් එදා ලංසා රජයටත් නිරෝධායනයටත් එරෙහිව කළ අවස්ථාවාදි කටයුත්ත නිසා දැන් මේ රට අති බිහිසුණු තත්වයක් කරා ගමන් කරමින් ඇත.

කොරෝනා වසංගතය පිළිබඳව අප විවිධ පුද්ගලයන් සමඟ කළ සාකච්ඡා වලදී මෙන්ම සාමාන්‍ය ජනතාවගේ අදහස් අනුව දැන් ඇතිවී තිබෙන තත්ත්වයට ප්‍රධාන වශයෙන් වගකිව යුතු වන්නේ නිමල් ලාන්සා බව පෙනී යයි.

පසුගිය දිනෙක වත්තල ප්‍රදේශයේම රැස්වීමකට සහභාගී වූ ජනතාව ලාංසාට හූ කියා එලෙව්වේ ය. නමුත් දැන් ජනතාව රවටා කොරෝනා බියක් ඇතිකර, නිරෝධායන මධ්‍යස්ථානවලට විරුද්ධ වී ඔහු කරනා විනාශය සුළු පටු නොවේ.

ඡන්දවලට කෑදර කමින් මිනිස් ජීවිත බිල්ලට දෙන මෙවැනි පුද්ගලයන් කොරෝනාවන්ට වඩා භයානකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here