“සෑම මිනිසෙකුටම ගෞරවාන්විත මරණයක් ලබාදෙනවා”

0
37

සෑම මිනිසෙකුටම ගෞරවාන්විත මරණයක් ලබාදීමට රජය කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී යොමුකළ ගැටලුවකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කරන බව ජනපතිතුමා ජනාධිපතිවරණයට පෙර සිටිම සඳහන් කළා. ලෝක සෞඛ්‍ය සංවිධානය හා ලෝකයේ පිළිගත් සම්මතයන්ට අනුව එකී බලධාරීන් විසින් කියන දේ මිසක් අපිට අවශ්‍ය දේ කරන්න පුළුවන් කමක් නෑ.

දේශපාලඥයින් වශයෙන් අපි හිතුවක්කාරී ලෙස හැසිරෙන්නේ නෑ. සෑම මිනිසෙකුටම ගෞරවාන්විත මරණයක් ලබාදීමට රජය කටයුතු කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here