මුද්‍රණය කළ පත්‍රිකා දුන්නානම් දිස්ත්‍රික්ක 17ක ඡන්දය තියනවා – මැතිවරණ කොමිසමේ සභාපති

0
32

රජයේ මුද්‍රණාලයාධිපතිනිය පවසන මේ වනවිට මුද්‍රණය කර ඇති දිස්ත්‍රික් 17ක තැපැල් ඡන්ද පත්‍රිකා ප්‍රමාණය මැතිවරණ කොමිසට ලැබුණේනම් එම දිස්ත්‍රික්ක 17 සඳහා තැපැල් ඡන්දය පැවැත්වීමට තමන් කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා පවසයි.

එසේ වූවේනම් පවතින තත්ත්වයේ වෙනසක් ඇතිවීමට ඉඩ තිබූ බවද ඔහු අවධාරණය කරයි.

මැතිවරණය සඳහා අයවැයෙන් වෙන් කළ මුදල් භාණ්ඩාගාර ලේකම් විසින් නිදහස් නොකිරීම හේතුවෙන්, කලින් තීන්දු කළ දිනවල ඡන්දය පැවැත්වීම අවලංගු කළ අතර පසුව මාර්තු 28 සිට 31 දක්වා දිනවල තැපැල් ඡන්දය සලකුණු කරන දින ලෙසත් අප්‍රේල් 25 මැතිවරණ දිනය ලෙසත් මේ වනවිට මැතිවරණ කොමිසම විසින් නිවේදය කර ඇත.

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මුදල් ලබා නොදීම සහ සේවා සහ මිල දී ගැනීම් පාලනය කිරීමේ චක්‍රලේඛය හේතුවෙන් මේ වනවිට ප්‍රශ්නයක් මතුව ඇති බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here