ශිෂ්‍යත්ව ප්‍රතිසමීක්ෂණ ළකුණුවලට පාසල්

0
638

ඉකුත් 2023 වර්ෂයේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ප්‍රතිසමීක්ෂණයෙන් (re-correction) ලද ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර ඇතැයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අදාල සංශෝධිත ළකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

විදුහල්පතිවරුන් වෙත අදාල අයදුම්පත්‍රය දැනටමත් ලබා දී ඇති අතර ප්‍රතිසමීක්ෂණය සඳහා අයදුම් කළ සිසුන් එම අයදුම්පත්‍රය 05 වැනි ශ්‍රේණියේ තමා ඉගෙනුම ලැබූ පාසලේ විදුහල්පති වෙතින් ලබාගෙන නිසි පරිදි  සම්පූර්ණ කර 2024 මාර්තු.07 වැනි දිනට ප්‍රථම එම විදුහල්පතිවරයා හට ම නැවත භාර දීමට කටයුතු කළ යුතු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here