නව වෛද්‍යවරුන් 1400 ක්

0
152

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යටතේ ලියාපදිංචි වූ නවක වෛද්‍යවරු පිරිසක් දිවුරුම් දෙති.

උත්සවය කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ප්‍රධාන  ශ්‍රවණාගා‌රයේ දී මාර්තු  02 වැනි දා පැවැත්වූූයේ  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාලගේ ප්‍රධානත්වයෙන් සහ  ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායකගේ සහභාගීත්වයෙනි.

ශ්‍රී ලංකාව තුළ වෛද්‍යවරයෙකු ලෙස නීත්‍යනුකූල ව කටයුතු කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය අත්‍යවශ්‍ය වන අතර, මෙහි දී අදාල වෛද්‍යවරුන්ට සිය ලියාපදිංචි සහතිකය නිල වශයෙන් භාර කෙරිින.

එහි දී විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල කියා සිටියේ මෙය  දිගු ගමනක ආරම්භයක් බවත්, සෑම පුරවැසියෙක්ම ආරක්ෂා කරමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමෙි වගකීම ඉටු කළ යුතු බවත් ය. වෛද්‍ය විද්‍යාව නූතන තාක්ෂණය සමග දියුණුවට පත් ව ඇති බවත්, විෂයය භාර අමාත්‍යවරයාගේ උපදෙස්  පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය ද සෞඛ්‍ය සේවාව නංවාලීම සඳහා ක්‍රියාමාර්ග රැසකට එළඹ ඇති බවත් ඔහු පෙන්වා  දේ.

ඒ අතර නව ඖෂධ සහ නව තාක්ෂණික ප්‍රතිකාර ක්‍රම හඳුන්වාදීම ප්‍රධාන වන බව හෙතෙම පැවසී ය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යනු දැනට එහි ලියාපදිංචි වී සිටින සෞඛ්‍ය වෘත්තිකයින්ගේ අධ්‍යයන හා වෘත්තීය ප්‍රමිතීන්, විනය හා ආචාරධර්ම පවත්වා ගෙන, සෞඛ්‍ය සේවා සපයන්නන් ආරක්ෂා කිරිමේ අරමුණින් පිහිටුවන ලද ව්‍යවස්ථාපිත ආයතනයකි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නියෝජනය කරමින් නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටිය හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here